මහවැලි ගඟට පැන්න තරුණිය බේරා ගත් පොලිස් කොස්තාපල්

0
21


කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න තරුණියක් බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබෙනවා.

කටුගස්තොට පාලමෙන් තරුණියක් ඊයේ (10) මහවැලි ගඟට වැටී ඇති බවට එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 103984 හේරත් නිලධාරියාට ප්‍රදේශවාසීන් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා ද පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබුණා.

මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

එම තරුණිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here