මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියැදුරන් දෙදෙනෙක් හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් 07 දින අත්අඩංගුවට ගෙන ඇත.
බස් රථ දෙකම මහනුවර බස් නැවතුම්පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදී හමුවීමත් සමග එම බස් රථ දෙකේ රියැදුරන් හැටන් බස් නැවතුම්පොළ දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙක් විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් ලබා දී ඇත. වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කළ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු රියැදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරන් දෙදෙනාට අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නෛතික පියවර ගන්නා බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කියා සිටී.
නුවරඑලිය – නාලක රත්නායක
Saru FM Media