ශ්‍රී දළදා වන්දනා සමයේ මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් නිලධාරීන් 10,000ක් සේවයේ යෙදවීමටයි තීරණය කර ඇත්තේ.
දළදා මාලිගා පරිශ්‍රයට පෝලිම් තුනක් ඔස්සේ ඇතුළු වන ජනතාව ස්ථාන දෙකකදී පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය සැලසුම් කර තිබෙනවා.
ආරක්ෂක කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සහයක් ලෙස අමතර බඩු බාහිරාදිය රැගෙන ඒමෙන් හැකි තරම් වළකින ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අදාළ ආරක්ෂක කටයුතු සැලසුම් කිරීම සහ දළදා වන්දනාවට අදාළ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවරදී විශේෂ සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.
Saru FM Media