මහනුවර කුණු ටොන් 620ක් – පිරිසිදු කරන්න කොළඹින් සහාය ඉල්ලයි

0
7


“සිරි දළදා වන්දනාව” පැවති සමයේ මහනුවර නගරයේ ගොඩගැසුනු වෙන්කල නොහැකි මිශ්‍ර කසළ කළමනාකරණය සඳහා කොළඹ මහනගර සභාවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පවසනවා. 

කොළඹ මහනගර සභාව සතු කසළ දහන යන්ත්‍රයක් මගින් දහනය කිරීමට අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහනුවර නාගරික කොමසාරිස්වරිය නෙත් නිවුස් වෙත කියා සිටියා. 

සිරි දළදා වන්දනාව පැවති දිනවල එක්රැස් වූ කැලිකසළ ටොන් 620ක් පමණ ගුහාගොඩ කසළ අංගනයට බැහැර කර ඇති බවද ඇය සඳහන් කළා.

Neth Sound · KANDY INDIKA 02

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළේ මහනුවර නගරය මේ වන විට සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් කර ඇති බවයි.

Neth Sound · KANDY INDIKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here