මහනුවර කසල කළමනාකරණ කටයුතු ඉතාම විධිමත්ව සිදුකෙරෙනවා – මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

0
10


රෂිකා හෙන්නායක

මේ දිනවල දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට මහනුවර නගරයට දහස් ගණනින් ජනතාව පැනිණෙන අතර, ඒ අනල්ල් මහනුවර නගරය හා අවට ප්‍රදේශයේ කසල කළමනාකරණ කටයුතු ඉතාම විධිමත්ව සිදුකෙරෙන බව මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ, ඒ අනුව කම්පැක්ටරය සහිත කසල එකතු කිරීමේ රථය සෑම විනාඩි 45කට වරක් ප්‍රදේශය පුරා කසල එකතු කරමින් ධාවනය කරන බවයි.

තවද, අත් කරත්ත මගින්ද ප්‍රධාන මධ්‍යස්ථාන වෙත කසල එක්රැස් කරන බව ඔවුන් පවසයි.

මිට අමතරව කසල හෝ ආහාර පාන සම්බන්ධයෙන් මහජන ගැටළු යොමුකිරීමට ද QR කේතයක් හඳුන්වා දී ඇති අතර ඕනෑම අයෙකුට එම QR කේතය Scan කර ජායාරූප සහිතව හෝ රහිතව පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කල හැකියි.

මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ, එම මහජන පැමිණිලි සම්බන්ධයෙන් විනාඩි 10 ක් ඇතුලත පියවර ගන්නා බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here