මහනුවර අනතුරේ සිල්වෙස්තර විදුහලේ අනෙක් සිසුවාද මියයයි!

0
2

මහනුවරදී අද (02) අලුයම සිදු වූ යතුරු පැදි බස් රථ  අනතුරින් තුවා ලබා රෝහල් ගතව සිටි අනෙක් සිසුවා ද සවස මියගිය බව පල්ලේකැලේ පොලිසිය කියයි.

මහනුවර ප්‍රධාන පෙළේ පාසල් දෙකක් වන මහනුවර ශාන්ත සිල්වෙස්තර සහ විද්‍යාර්ථ විදුහල් අතර  පැවැත්වීමට නියමිත “සුරතලුන්ගේ සටන” ක්‍රිකට් තරගයට සහභාගි වීම සඳහා යතුරු පැදියකින් ගමන් ගත් සිසුන් දෙදෙනකු පෞද්ගලික බසයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරු පැදිය පැදවූ සිසුවා එම ස්ථානයේදීම මිය ගියේය. 

අනතුරින් මියගොස් ඇත්තේ ශාන්ත සිල්වෙස්තර විදුහලේ 13 වසරේ ඉගෙනුම ලැබූ නෙතුල නම්දිනූ සහ සජීව කරුණාරත්න නමැති උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ සිසුවන් දෙදෙනෙකි.

යතුරු පැදියේ පිටුපස ගමන් ගත් අනෙක් සිසුවා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර ඔහු ද අද සවස මිය ගියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here