අපනයන ක්ෂේත්‍රය හා ඇගලුම් ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවකට ඇමෙරිකානු බද්ධ සෘණාත්මකව බලපාන නිසා මෝදි අගමැතිතුමා අප රටට පැමිණ අවස්ථාවේ අප රටේ භාණ්ඩ සදහා ඉන්දීය වෙළෙදපොළට ඇති ප්‍රවේශය වැඩි කර දෙන ලෙස තමා ඉල්ලා සිටි බවත් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මහනුවරදී මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් හා අනුනායක හිමිවරුන් මුණ ගැසුණු අවස්ථාවේ පැවසීය.Sri Lanka Latest News
අප රටේ ඇගලුම් ක්ෂේත්‍රයේ සෘජු රැකියා 350000ක් සහ වක්‍ර රැකියා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් නිරතව සිටින බවත් එම නිසා මේ ක්ෂේත්‍රය ආරක්ෂා කළ යුතු බවත් ඇගලුම් මෙන්ම තේ රබර් පොල් ඇතුළු සියලු අපනයන භාණ්ඩවලට අගයක් එකතු කිරීම මෙන්ම අපනයන ගමනාන්ත විවිධාංගීකරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ජනතාව දළදා වහන්සේ වන්දනා මාන කිරිමට පොලිමේ සිටින අවස්ථාවක වගකිවයුත්තන් ලෙස තමා ඇතුළු දේශපාලනඥයන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ හමුවේ පැවසීය.
ආණ්ඩුව යහමගට ගන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරණ උත්සාහය අගය කරනවා – මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ
ආණ්ඩුවේ ඇති වැරදි නිර්භයව පෙන්වා දීම විපක්ෂයේ වගකීම බවත් ඒ කාර්ය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවැරදිව සිදු කරන බවත් ආණ්ඩුව යහමගට හැරවීම විපක්ෂ නායකවරයාගේ වගකීම බවත් ඒ වගකීම නිවැරදිව ඉටු කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර සිටින බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ පැවසීය.












Saru FM Media