පරණ හෝ අලුත් t-shirtඑකක් ටිකක් වෙනස්කරල අඳින්න කැමතිනම් මෙන්න තවත අලුත් විලාසිතාවක්. වැඩි වේලාවක් ගත නොකර සකසාගත හැකි මෙම නිර්මාණය සාදයකට වූවත් ඇඳගෙන යා හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන අයුරු:
පළමුව t-shirtඑකේ ඉදිරිපස කරවාටිය යටින්, අඟල් 4 පමණ රේඛාවක ලකුණු කරන්න. ලකුණු කල රේඛාව හැර කරවාටිය දිගටම කපා වෙන් කරන්න. ඉතුරු කොටස් තිබේ නම් රෙදි අලවන ගම් මඟින් අලවාගන්න.
පින්තූරයේ පෙනෙන පරිදි උරහිස් මැද සිට කරවාටිය දක්වා රේඛාවක් ඇඳ, කරවාටිය සහ එම රේඛාව අතර කොටස කපා ඉවත් කරන්න.
එවිට එම කොටස මේ ආකරයෙන් දිස්වනු ඇත.
දැන් ඔබ කැමති ආකාරයට rhinestones කරවාටිය මත පෙළගස්වා අඬුව ආධාරයෙන් සවිකරගන්න.
දැන් ඔබේ නවතම halter t-shirtඑක සම්පූර්ණයි.
Rhinestone Studs සපයාගැනීමට අපහසු නම් සීක්වීන්ස්, පබළු හෝ වර්නවත් කෝඩ් ආදිය යොදා වඩාත් අලංකාරවත් කරගත හැකියි.
– කල්හාරී –
Saru FM Media