මහද්වීප පහක් ඔලිම්පික් ඇතුළෙ එකට වැඩ කරනවා වගෙ රටෙත් ඔලිම්පික් ක්‍රීඩා ඔක්කොම එකතු කරනවා – ඔලිම්පික් මුල් පුටුවට තරග කරන ශිරන්ත පීරිස් පවසයි.

0
4

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 05, කොළඹ LNW:

ඔලිම්පික් ලංඡනයට වළලු පහක් තියෙනවා.වළලු පහට වර්ණ පහක් තියෙනවා.එකිනෙකට දේශපාලනික,ආර්ථික දමසමාජීය වශයෙන් වෙනස් මිනිස්සු මේ වළලු පහෙන් නියෝජනය වෙන මහද්වීප ඇතුළෙ තියෙන රටවල්වලින් ඇවිත් එකට ක්‍රීඩා කරනවා.ඇයි අපට බැරි අපේ රට ඇතුළෙ තියෙන ක්‍රීඩා සංගම් ටික එකට එකතු කරගෙන එකතු වෙලා වැඩ කරන්න බැරි?

මෙසේ අසන්නේ ශිරන්ත පීරිස් ය.ඔහු මෙවර පැවත්වෙන ශ්‍රී ලංකා ඔලිම්පික් නිලවරණයට සභාපතිවරයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කරමින් සහ ඒ වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන වැඩ පිළිවෙල එළි දැක්වීම සඳහා නෙළුම් කුළුණ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අප විසින් කරන ලද කරුණු විමසීමක දී අප වෙත දමා ගැසූ ප්‍රශ්නය එබඳුය.

ඇත්තටම අපිත් අහන්න ඉන්නෙ ඒකම තමයි ඔයාලගෙන්?

පෙරළා අපිට අසන්නට තිබුණේ එසේය.

ඒ තත්ත්වය නැති කරන්න තමයි මම එන්නෙ.මේ නිලවරණයෙදි මට විරුද්ධ අය ඉදියි.ඒත් මං ජයග්‍රහණය කළොත් පහුවදා ඉදලා අපි සියල්ලම එකට වැඩ කරන්න ඕනි.ඒ පසුබිම මම හදනවා.ඔලිම්පික් සංකල්පය ඇතුළෙ මිනිස්සු බෙදා වෙන් කරන්නෙ නැහැ.හැමෝම පිළිගන්නවා ගරු කරනවා.රටේ ඔලිම්පික් ක්‍රීඩාවක නියැලෙන හැම ක්‍රිඩකයෙකුගේම නිවහන වෙන්න ඕනි ඔලිම්පික් නිවහන.

ශිරන්ත පැහැදිළි කරන්නේය.ඔහු ලෝකයේ බොහෝ අය අගය කළ හේමසිරි ප්‍රනාන්දු මූලිකත්වය ගත් ඔලිම්පික් නිවහනේ අයිතිය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නයක්ද මතු කරන්නේය.

ඒ වැඩේ ඉතාම හොඳයි.ඒක බුබ්කා පවා විමතියට පත් කරන්නට පත් වූ එකක් බව මම දන්නවා.ඒ ඉදිකිරිම තිබෙන ඉඩමෙ නිරවුල් කර ගත යුතු කාර්යයක් තිබෙනවා.මම ඒක තව කෙනෙකුට යන්නට නොදී ඉවර කරනවා.මොන දේ කළත් ඒකට තව කෙනෙක්ට අයිතිය කිමට ඉඩක් තැබිමට මම ඉඩ තියන්නේ නැහැ.

එසේම ඉකුත් කාලයේ ජාතික ඔලිම්පික් කොමිටියේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් විසින් හිස් වූ තනතුරවලට අත්තනෝමතිකව පුද්ගලයන් පත් කිරීම සහ තනතුරු මාරු කිරීම සිඳු කර තිබෙන බවට ඇති චෝදනා ගැන ද ශිරන්තගේ අවධානය යොමු කළේය.

ඒක වළක්වන්න නිකං වචන කතා කරලා වැඩක් නැහැ.බලය ඕනි.බලයට ඇවිත් ක්‍රීඩා අමාත්‍යංශයට,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට වගේම ආසියානු ඔලිම්පික් කමිටුවට කරුණු දක්වලා සියල්ලගේ ආශිර්වාදය ඇතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනි.දැන් හැම දෙයක්ම වුණේ ව්‍යවස්ථාවෙන් පනවා තිබෙන බලය අනුවයි.මට සභාපති වෙලා බලය එහෙම තියාගන්න අවශ්‍යයතාවයක් නැහැ.කිසි වරදක් නොවන විදිහට වැඩ කරන සේවකයගෙ ඉදලා නිලධාරි හැටියට පත්වෙන හැමෝටම වගකීම් බෙදා දීම තමයි මගේ අදහස.හැම දෙයක්ම නිවැරදිව කරන වැරදි කරන්න බැරි වෙන පසුබිමක් හැදුවම කාටවත් අනවශ්‍යය බලයක් ඕනි නැහැ.ක්‍රමයක් හදන්න ඕනි.

ශිරන්ත ක්‍රම වෙනසක අවශ්‍යයතාවය අවධාරණය කරන්නේය.ලංකාවේ ක්‍රීඩාවට අවශ්‍යය සුබදායී වාතාවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවටත් ආයෝජනය කිරිමට වත්කමක් නැති බව අපේ අදහස විය.ඒ තරම් පොහොසත් නොවන රටකට අනුග්‍රාහකයන් නැතුව ක්‍රීඩාව නඟා සිටුවීම කළ නොහැකිය යන්න ද ඒ අදහසට එකතු වෙන කොටසක්ය.

ඒත් ශිරන්ත පවසන්නේ ලංකාව දුප්පත් නැති බවය.ඔහුගේ ඒ අදහස සමඟ එකහෙළා එකඟ විය හැකි දත්ත අපට නැත.එහෙත් ඔහු ඉලක්ක කරන මට්ටමේ දැවන්ත පොහොසතුන් ශ්‍රී ලංකාවේ ඇත.දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් ගත් විට මේ සුළුතරගයේ ආර්ථිකය සහ බහුතරයේ නොහැකියාව ගැටළුවක් වුව ද,ශිරන්ත පෙන්වා දෙන හොඳ විශ්වාසවන්ත ත්‍රමයක් ඇතුළෙ ගොඩ නැඟෙන විහ්වාසය එක්ක ඔහු වත්කම් සමඟ බලා පොහොසත් බව කියන මහා ධනයක් ඇති මිනිස්සු සහ ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රීඩාවේ ආයෝජන හැටියට ගෙන ඒමට හැකි බවය.

මේ ආර්ථික ශක්තීන් හා සසඳද්දී සිටින දෙයාකාර පංතිමය දුරස් බව ගත් විට බොහෝ හැකියාවන් ඇති ක්‍රීඩකයන් සැළකෙන්නේ ගමේ දුප්පත් පවුල්වල සාමාජිකයන් වශයෙන්ය.ඒ නිසා ශිරන්ත පෙන්වා දෙන්නේ හැකියාවේ පොහොසත් ජයග්‍රහණයේ ප්‍රතිපලයක් බවට පත් කිරිමට හැකි ව්‍යහුයක් තමන්ට තනන්නට නායකත්වය දිය හැකි බවය.එයින් ක්‍රීඩාවේ ජයග්‍රහණ සඳහා වන පෝෂණය වගේම ක්‍රීඩකයා ධනයෙන් පෝෂිත මිනිහෙක් බවට පත්වීම සහ පත්වෙන්ට හැකි ක්‍රමවේදයට ඇතුල්වීමද සිඳුවන ඇත.

තවත් අපේක්ෂකයන්ට මෙවැනි වැඩ සැළසුම් තිබිය හැකිය.එහෙත් මේ ආකාරයට කරුණු කාරණා ප්‍රකාශ කර ප්‍රසිද්ධ කර සටනට පිවිසීම යන්න අලුත් සංස්කෘතියක්ය.එය හොඳ ආරම්භයකි.එය වඩාත් හොඳ වන්නේ අනිත් තරගකරුවන් ද ඒ වැඩ කටයුත්ත සඳහා තල්ලු කරන බැවින්ය.එවිට ඔවුන් සමඟ සිටින පිරිස ද දැක ගන්නට හැකිවන අතර ඔවුන්ට ද ප්‍රසිද්ධියේ පෙනී සිට ඡන්ද කිහිපයකට තම ප්‍රකාශ සීමා නොකර සමාජය ඉදිරියේ කියවා විවෘත වන්නට වන්නේය.මේ ප්‍රසිද්ධ සමාජයට විවෘතව කතා කිරීම යම් ආකාරයක ක්‍රීඩා සංගම්වල සිටින පිරිසට සාමාන්‍ය සමාජය ඉදිරියේ වගකීමක් පවරනු ලබන ක්‍රියාවක් වනු ඇත.ශිරන්ත දිනුවාද පැරදුනාද කියන කාරණයට වඩා වැදගත් මේ තමන් කවුද සහ කරන්නේ කුමක්ද යන්න ප්‍රසිද්ධියේ සමාජ ඉදිරියේ ප්‍රදර්ශනය කිරිම වැදගත් සාධකයකි.

The post මහද්වීප පහක් ඔලිම්පික් ඇතුළෙ එකට වැඩ කරනවා වගෙ රටෙත් ඔලිම්පික් ක්‍රීඩා ඔක්කොම එකතු කරනවා – ඔලිම්පික් මුල් පුටුවට තරග කරන ශිරන්ත පීරිස් පවසයි. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here