අත් අනවශ්‍ය ලෙස මහත් වුණාම සිරුර පමණට වඩා තරබාරු පෙනුමක් වගේම ඒ නිසාවෙන් අත් නොමැති ඇඳුම් අඳින විට විරූපී පෙනුමක් ලැබෙනවා. ඒ තත්ත්වය සමනය කර ගැනීමට සුදුසු ව්‍යායාම් කිහිපයක් තමා ඔබට මේ හඳුන්වා දෙන්නේ.
බෙන්ච් එක මතට ශරීරයේ බරදී, දෑත් මඟින් ඉහලට පහළට එසවෙන්න. මින් අත් වලට ව්‍යායාම ලැබීමට අමතරව ව්‍යායාම කිරීමට ශරීරය සුදානම් කිරීමද සිදු වනවා. තත්පර 30 පමණ මේ ව්‍යායාමයේ නිරත වන්න.
ව්‍යායාමය සඳහා අවශ්‍ය dumbbell හෝ ලීටරයේ වතුර බෝතල් දෙකක් දෙඅතට රැගෙන තරමක උස පුටුවක වාඩිවෙන්න.කොන්ද කෙලින් තබා ගන්න. dumbbell උරහිස් මට්ටමේ සිට ඉහළට පහළට ඔසවන්න. තත්පර 30 පමණ ව්‍යායාමයේ යෙදෙන්න.
කොන්ද කෙලින් සිටින පරිදි වාඩිවෙන්න. කකුල් සමාන්තරව තබා ගන්න. Dumbbell හෝ වතුර බෝතල් දෙකක් ගෙන උරහිස මට්ටමට හා පහළට දමමින් විනාඩි 30 පමණ ව්‍යායාමයේ නිරත වන්න.
දණහිසෙන් නැවී Dumbbell දෙක රැගෙන වැළමිට නවාගෙන බඩ පෙදෙසේ සිට කොන්ද පෙදෙසට ඔසවන්න. තත්පර 30 පමණ නිරත වන්න.
– චම්මි –
Saru FM Media