මහජනයාගේ දේපල කොල්ල කනලද මංකොල්ලකරුවන්ට සහ අපරාධ කරපු කිසිම පුද්ගලයෙකුට නිදල්ලේ හැසිරීමට ඉඩ නොතියන බවත් ඒ සියලු දෙනාම නීත්‍යානුකූලව නීතියේ රැහැනට ගෙනෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, පසුගිය 06 වෙනිදා පැවති පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිණි.
එහිදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල,
“විපක්ෂය මාධ්‍ය සන්දර්ශන දානවා. වොයිස්කට් දේශපාලනයේ යෙදෙමින් සිටිනවා. ඒවගේම ඔවුන් බියට පත් වෙලා තියනවා. නීතිය ඔවුන්‍ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් විපක්ෂයේ සමහර පිරිස්වලට එරෙහිව ජනතාව ශ්‍රී ලංකා පොලිසියටත්, අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවටත් පැමිණිලි තබා දිලා තියනවා. ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට එරෙහිව හඩක් නැගිම සදහා එම දූෂිතයින් විපක්ෂයේ වේදිකාව යොදාගෙන තියනවා.
කවුරුහරි අපරාධකාරයෙක්, දූෂිතයෙක්, මූල්‍ය අවභාවිතා කරපු කෙනෙක්, CID එකට ගෙනාපුවාම, පොලිසියට ගෙනාපුවාම ඊට එරෙහිව මහා ජන බලයක් තියනවා කියලා රංගන දක්වනවා.
අපි කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. මේ රටේ මහජනයාගේ දේපල කොල්ල කාපු මංකොල්ලකරුවන්, මේ රටේ අපරාධ කරපු කිසිම පුද්ගලයෙක් ඔය විදිහට නිදල්ලේ හැසිරෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ සියලු දෙනා නීතියේ රැහැනට ගේනවා. නීත්‍යානුකුලව කටයුතු කරනවා. අධිකරණයට පමුණුවනවා, ඒ පොලිසියේ කාර්යභාරය, ඒ කාර්යභරය නොපිරිහෙලි ඉටු කිරිමට අපි පොලිසිය හසුරවනවා.”
1
Saru News








