මුළු ලෝකයේ ම සිටින කෝටි 900කට ආසන්න ජනතාව තිගැස්මකට ලක් වී සිටින මොහොතක ශ්‍රී ලාංකිකයන් වශයෙන් සාමුහිකව එම තත්වයට මුහුණ දිය යුතු බව භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය, විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තිකයන් විවිධ කරුණු පෙන්වා දී තිබේ.
අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් සහ මහජනතාව පොදු වගකීමෙන් යුතුව ක්‍රියාත්මක විය යුතු ආකාරය විග්‍රහ කරන ලිපියක් දිනමිණ පළ කර තිබිණි. එය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.
ඉන්ධන අර්බුදය සහ QR පද්ධතිය
රට තුළ ඉන්ධන පෝලිම් දක්නට ලැබුණ ද සැබෑ ඉන්ධන හිඟයක් නොමැත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්තවලට අනුව, මාසයකට ආසන්න කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් පවතින අතර තවත් ඉන්ධන නැව් හතරක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. වර්තමානයේ පවතින පෝලිම්වලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා හඳුන්වා දුන් QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මතුවී ඇති තාක්ෂණික ගැටලුයි.
විශේෂයෙන්ම වාහන හිමිකාරිත්වය වෙනස් වූ අවස්ථාවලදී සහ දුරකතන අංක වෙනස් කළ පුද්ගලයන්ට මෙම QR පද්ධතිය භාවිතයේදී ගැටලු මතු වී තිබේ. කෙසේ වෙතත්, මෙම තාක්ෂණික දෝෂ ඉදිරි දින කිහිපය තුළ විසඳීමට පියවර ගෙන ඇත. වාහන හෝ දුරකතන අංක වෙනස් නොකළ පාරිභෝගිකයන්ට පැරණි කේතයම සාමාන්‍ය පරිදි භාවිත කළ හැකිය. මෙම අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනය වැනි රටවලටත් පොදුවේ බලපා ඇති ගෝලීය තත්ත්වයක් බව අප තේරුම් ගත යුතුයි.
අත්‍යවශ්‍ය සේවා සහ අධ්‍යාපනය
ඉන්ධන සීමිතව පවතින කාලසීමාව තුළ ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍ර හඳුනාගෙන ඇත. කෘෂිකර්ම, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අවම ඉන්ධන ප්‍රමාණය පිළිබඳව දැනටමත් සාකච්ඡා කර තිබේ. එම ක්ෂේත්රවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට අදාළ තීරණ ඉදිරියේදී ගනු ඇත.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ පියවරක් ලෙස බදාදා දිනය පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. සිකුරාදා දිනය වෙනුවට බදාදා තෝරාගත්තේ, සිකුරාදා නිවාඩු ලබා දුන්නහොත් සති අන්තයත් සමඟ දින තුනක් එක දිගට කාර්යාල වැසී පවතින බැවින් පාලන කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට බාධාවක් වන බැවිනි. දුරස්ථ අධ්‍යාපනය සඳහා සූම් (Zoom) තාක්ෂණය භාවිත කිරීමට විශ්වවිද්‍යාලවලට අවසර දී තිබුණ ද, රට පුරා ඒකාකාරී අන්තර්ජාල පහසුකම් නොමැති වීම නිසා එය පාසල් පද්ධතිය තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම අසීරු වී ඇත.
ආහාර සුරක්ෂිතතාව
ලෝක බැංකු වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 2021 සහ 2022 වසරවලදී සියයට 13.1 සිට 25 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 2.5 ක පමණ ජනතාවක් අලුතින් දිළින්දන් බවට පත්ව තිබේ. කෘෂිකර්මාන්තයෙන් යැපෙන පවුල්වල ආදායම සියයට 20 කින් පමණ වර්ධනය වුවද, ආහාර මිල ගණන් දර්ශකය ඊට වඩා ඉතා වේගයෙන් ඉහළ යෑම නිසා ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව සියයට 30කින් පමණ බිඳ වැටී ඇත.
මෙරට ආහාර සුරක්ෂිතතාව 2021 වසරේ සිට ක්‍රමයෙන් පහළ යමින් පවතියි. ගෝලීය සංවිධානවල දත්ත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඉතා අවදානම් තත්ත්වයක පවතින බවයි. මීට ප්‍රධානතම හේතු වී ඇත්තේ භාණ්ඩ මිල ඉහළ යෑම, වෙෙළඳපොළේ භාණ්ඩ හිඟය සහ ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පහළ යෑමයි. හදිසියේ ගනු ලැබූ වැරදි ප්‍රතිපත්තිමය තීරණ මෙන්ම දේශගුණික විපර්යාස සහ පාරිසරික අර්බුද ද මීට සෘජුව බලපා ඇත.
සෞඛ්‍ය බලපෑම
ආහාර අනාරක්ෂිතතාවයේ බරපතළම ප්‍රතිඵලය වී ඇත්තේ මෙරට දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යෑමයි. 2021 වසරේදී සියයට 7.4 ක් වූ මන්දපෝෂණ මට්ටම 2022 වසර වන විට සියයට 9.4 දක්වා ඉහළ ගොස් ඇත. ළදරුවන්ගේ බර අඩු වීම (Wasting) සහ උසට සරිලන බර නොමැති වීම (Stunting) වැනි දර්ශක මඟින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව අවාසනාවන්ත තත්ත්වයකට ගමන් කරමින් සිටින බවයි. විශේෂයෙන්ම උපතේ සිට මාස 24ක් දක්වා දරුවන්ට අවශ්‍ය පෝෂණය නිසි ලෙස නොලැබීම නිසා ඉදිරි පරපුරේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලුවක් මතු වී තිබේ. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ගර්භිණී මාතාවන්, කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අර්බුදයට විසඳුම්
පවතින ගෝලීය ආර්ථික හා යුදමය තත්ත්වයන්, විශේෂයෙන් මැදපෙරදිග ගැටුම් හමුවේ ආනයනික ආහාර මත යැපීම අවම කිරීම අත්‍යවශ්‍ය වේ. මීට ඇති යෝජනාව වන්නේ සරල, පාරම්පරික ක්‍රමවේදයන්ට නැවත යොමු වීමයි.
හිරු එළියෙන් ආහාර වියළීම (Sun Dehydration) මෙය ශ්‍රී ලංකාවේ පවතින තද හිරු රශ්මිය උපයෝගී කරගෙන සිදු කළ හැකි ඉතා පිරිවැය අඩු ක්රමයකි. අඹ, කෙසෙල්, කොස්, අන්නාසි, බෝංචි, කරවිල, වම්බටු, වට්ටක්කා, බණ්ඩක්කා සහ මුරුංගා කොළ වැනි දෑ මෙලෙස වියළා දිගු කාලයක් ගබඩා කළ හැකියි.
ආහාර වියළන සරල ක්‍රියාවලිය
- ආහාර පිරිසුදු කර කුඩා කැබලිවලට කපා ගැනීම.
- පිරිසුදු මතුපිටක (පැදුරු හෝ රෙදි) අතුරා හිරු එළියේ තැබීම.
- දූවිලි හා සතුන්ගෙන් ආරක්ෂා කිරීමට සිහින් රෙද්දකින් ආවරණය කිරීම.
- දින 2-4 ක් ඇතුළත වියළා ගත් පසු වාතය ඇතුළු නොවන බහලුම්වල ගබඩා කිරීම.
මීට අමතරව, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි දීර්ඝකාලීන පියවර කිහිපයක් ද හඳුනාගෙන ඇත.
- ගෙවතු වගාව – සෑම නිෙවසකම ගෙවතු වගාව දිරිමත් කිරීම.
- නාස්තිය අවම කිරීම – අස්වනු නෙළීමේ සිට අලෙවිය දක්වා පවතින නාස්තිය නවීන තාක්ෂණයෙන් වැළැක්වීම.
- දේශීය නිෂ්පාදන – කුරක්කන් සහ දේශීය අල වර්ග පරිභෝජනයට ජනතාව යොමු කිරීම.
- ගොවි සමාගම් – ගොවීන් එකතු වී නිෂ්පාදන පිරිවැය අවම කර ගනිමින් අස්වැන්න කළමනාකරණය කිරීම.
- අත්‍යවශ්‍ය ආහාර සැපයුම සහ ප්‍රවාහනය සුරක්ෂිත කිරීම – වෙෙළඳ අමාත්‍යාංශය හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
විශේෂයෙන්ම වරායෙන් ආහාර ප්‍රවාහනය කරන වාහන සඳහා විශේෂ ඉන්ධන කෝටාවක් ලබා දී ඒවා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබේ.
දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම
මන්දපෝෂණයට විසඳුමක් ලෙස දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය අවධානය යොමු කර ඇත. මෙහිදී ගොවීන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම, විශාල වගා භූමි සංවර්ධනය කිරීම සහ කිරි ගව පාලනය, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර නංවාලීමට පියවර ගැනේ.
- ගෙවතු වගාව සහ නාගරික කෘෂිකර්මය – ආහාර අනාරක්ෂිතතාවට පිළියමක් ලෙස සෑම නිවසකම ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වේ.
- අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව – කෘෂිකර්ම, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අවම ඉන්ධන ප්‍රමාණය ලබාදීමට තීරණය කර ඇත.
- ගොවි සමාගම් පිහිටුවීම – නිෂ්පාදන පිරිවැය අවම කර අස්වැන්න නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා ගොවීන් ඒකරාශි කර ගොවි සමාගම් පිහිටුවීමට රජය දිරිමත් කරයි.
මෙම පියවරයන් හරහා මන්දපෝෂණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති කුඩා දරුවන්, ගර්භිණී මාතාවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
පහසුකම් සහ පියවර
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා රජය පහත සඳහන් පහසුකම් සහ පියවර ගෙන ඇත.
- විශේෂ ඉන්ධන කෝටාව – වරායෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් සහ ලොරි රථ සඳහා සාමාන්‍ය පොදු කෝටා ක්‍රමය වෙනුවට විශේෂ ඉන්ධන කෝටාවක් ලබා දීමට පියවර ගෙන ඇත.
- අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකීම – ආහාර ප්‍රවාහනය කරන වාහන සහ එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සලකා කටයුතු කිරීමට රජය තීරණය කර ඇත.
- වෙෙළඳ අමාත්‍යාංශයේ මැදිහත්වීම – වෙෙළඳ අමාත්‍යාංශය හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බාධාවකින් තොරව ජනතාවට ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
- නගර පවිත්‍රතා වාහන සඳහා පහසුකම් – ආහාර ප්‍රවාහනයට අමතරව, සෞඛ්යාරක්ෂිත පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා නගර පවිත්‍රතා කටයුතුවල නිරත වන වාහනවලට ද බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට අවධානය යොමු කර ඇත.
මෙම පියවරයන් හරහා ලෝක වෙෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම සහ දේශීය ඉන්ධන අර්බුදය හමුවේ වුවද අත්‍යාවශ්‍ය ආහාර සැපයුම් දාමය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය අපේක්ෂා කෙරේ.
මහජන සහයෝගය
පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා රජය විවිධ පියවර ගනිමින් සිටියද, මහජන සහයෝගය නොමැතිව මෙය ජයගත නොහැකිය. මේ වන විට අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත්, විශේෂයෙන්ම වරායෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සහ නගර පවිත්‍රතා කටයුතු සඳහා විශේෂ ඉන්ධන කෝටාවන් ලබාදීමටත් රජය පියවර ගෙන ඇත.
අවසාන වශයෙන්, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගමන් බිමන් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් සහ දේශීය සම්පත් උපරිම ලෙස පරිභෝජනය කරමින් මෙම දුෂ්කර අවස්ථාවේදී රජයට සහය ලබා දෙන ලෙසයි. අද දින අප ගන්නා කුඩා පියවරක්, හෙට දිනයේ රටේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට ඉවහල් වනු ඇත.
චමීර ඇල්ලදෙණිය
1
Saru News
















