මහජනතාවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

0
23


මේ දිනවල දිවා කාලයේ පවතින දැඩි හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් ජනතාව ඒ පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, එළිමහනේ අව් රශ්මියට නිරාවරණය වන ස්ථානයක සිට දීර්ඝ ලෙස රැඳී සිටිමින් වැඩ කටයුතු කරන පිරිස් සිය ශරීරයේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් සිරුරට දැනෙන අහිතකර සෞඛ්‍ය බලපෑම් අවම කරගැනීමට පිරිසිදු, උණුකර නිවාගත් ජලය පමණක් භාවිත කරන ලෙස ද උපුල් රෝහණ මහතා ඉල්ලා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here