මස් මාළු කන්නෙ නැතිව diet කරන්න කැමති ඔබට Vegitarian Diet Plan එකක්

0
18


බර අඩු කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි diet plan අතුරින් vegetarian diet plan කියන්නෙත් තරමක් විශේෂිත එකක්.මෙම ඩයට් ප්ලෑන් එකට මස් මාළු ඇතුළු කිසිදු සත්ව ආහාරයක් අඩංගුකර නැති අතර සාමාන්‍යයෙන් නිර්මාංශික අයට මෙම ඩයට් ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැකිය.

vegetarian diet plan එකකදී සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ පලතුරු, එළවළු ,ධාන්‍ය වර්ග ,රනිල කුලයට අයත් ඇට වර්ග වලටය. මෙම ආහාර තන්තු ක්ෂුද්‍ර පෝෂක සහ ශාක සංයෝගවලින් පොහොසත් වන අතර සත්ත්ව ආහාර වලට වඩා කැලරි සහ මේදය ප්‍රමාණවලින් අඩුය.ඒ වගේම මෙම ඩයට් ක්‍රමයෙහි පෝෂ්‍ය පදාර්ථ බහුල බැවින් හෘද රෝග ,සමහර පිළිකා, දියවැඩියාව සහ රුධිර පීඩනය වැනි රෝගයන් වල අවදානම අඩු කරයි.

කෙසේ වෙතත් මෙම diet plan එක අනුගමනය කිරීමෙහි ප්‍රතිලාභ රඳා පවතින්නේ ඔබ ගන්නා ආහාර වේල මතය.

උදෑසන ආහාරය – ඇපල් ,රටකජු බටර් , ඕට්ස් කෝප්ප එකක්

දිවා ආහාරය – එළවළු සලාදයක් , අලිගැටපේර ගෙඩියක්

රාත්‍රී ආහාරය – සම්පූර්ණ ධාන්‍ය පාන් පෙති දෙකක් , එළවළු සුප් කෝප්ප එකක් ,ග්‍රීක යෝගට් එකක්

සුලු කෑම – ආමන්ඩ් සහ dark chocolate

උදෑසන ආහාරය – එළවළු සලාද කෝප්ප එකක්

දිවා ආහාරය – රතු බත් කෝප්ප එකක් , එළවළු වර්ග දෙකක් , අවශ්‍ය නම් අලිගැටපේර යෙදූ සලාදයක්

රාත්‍රී ආහාරය – එළවළු නූඩ්ල්ස් කෝප්ප එකක්

සුළු කෑම – දොඩම්

උදෑසන ආහාරය – අන්නාසි, ග්‍රීක යෝගට්

දිවා ආහාරය – එළවළු සුප් කෝප්ප එකක්

රාත්‍රී ආහාරය – එළවළු යෙදුම සම්පූර්ණ ධාන්‍ය පැස්ටා කෝප්ප එකක්

සුළු කෑම – ස්ට්‍රෝබෙරි හෝ blueberry

උදෑසන ආහාරය – සීනි රහිත ආමන්ඩ් කිරි , ඕනෑම බෙරි වර්ගයක් සහ කෙසෙල්

දිවා ආහාරය – එළවළු හෝ පලතුරු සලාද කෝප්ප එකක්

රාත්‍රී ආහාරය – තැම්බූ කැරට් ,තැම්බු , බ්‍රොකලි , තැම්බූ බෝංචි , දුඹුරු පාන් පෙති දෙකක්

සුළු ආහාර – අඹ හෝ කෙසෙල්

උදෑසන ආහාරය – ලුණු සහ ගම්මිරිස් යෙදු අලිගැටපේර මිශ්‍රණය සමග ටෝස්ට් කල දුඹුරු පාන් පෙති දෙකක් , යෝගට් එකක්

දිවා ආහාරය – එළවළු සලාද කෝප්ප එකක්

රාත්‍රී ආහාරය – එළවළු සහ හතු සුප් කෝප්ප එකක් , ටෝස්ට් කළ දුඹුරු පාන් පෙති දෙකක්

සුළු ආහාර – චෙරි හෝ ග්‍රීක යෝගට්

එළවලු බර්ගර් , මස් ආදේශක ,

ශීත කල අතුරුපස වර්ග

සුදු පාන් ,සුදු පැස්ටා වර්ග

කුකීස් ,පේස්ට්‍රි වර්ග , කේක් , බිස්කට් ,

සීනි යෙදූ පලතුරු යුෂ ,ශක්තිජනක බීම වර්ග ,සෝඩා ,සීනි යෙදූ තේ හෝ කෝපි

පිෂ්ටය රහිත එළවළු – බ්‍රොකලි, බෙල්පෙපර් ,වට්ටක්කා ,හතු ,තක්කාලි ,වම්බටු ,කැරට් ,පිපිඤ්ඤා

පිෂ්ටය සහිත එළවළු – කඩල ,අර්තාපල්, ඉරිඟු



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here