2016 වසරේ සිදු කළ සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව රටවල් 121ක් අතරින් දරුවන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පළමු තැනට… ජාත්‍යාන්තර මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ.
සමාජ, ආර්ථික, අධ්‍යාපන වටපිටාව තුළ අතීතයේදී මෙන් නොව අද වන විට කාන්තාවන් ද රැකියාවල නියුක්ත වේ. නමුත් අපේ රට මව්වරුන් සැමවිටම තම දරුවන්හට සිය වගකීම සියයට සියයක්ම නොපිරිහෙලා ඉටු කිරීමට ඇප කැප වීම සතුටට කරුණකි. සැබවින්ම උපන්දා සිටම දරුවන්ගේ පෝෂණය පිළිබඳව සැළකිලිමත් වන මවව්රුන්ට දරු ප්‍රසූතියෙන් පසුව මාස හයක් සම්පූර්ණ වන තෙක් දරුවාට මව්කිරි පමණක් ලබා දිය යුතුය යන්න වගේම මව්කිරිවල ඇති පෝෂණ අගය පිළිබඳවත් දැනටමත් දැනුවත්ව සිටිය හැකියි. දැයේ දරුවන්ගේ පෝෂණය ඉහළ මට්ටමකට ගෙන ඒම උදෙසා රැුකියාවල නියුතු වුවද සෑම මවකටම ප්‍රසූත නිවාඩු ලබා දී තිබේ.
ප්‍රසූතියෙන් පසු මවකට හිමි වන නිවාඩු :
රජයේ සේවයේ නියුතු මව්වරුන්ට
පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු මව්වරුන්ට
ප්‍රසූත නිවාඩු අවසන් වී රැුකියාවට යන මව දරුවාට ආදේශක කිරි පිටි හුරු කළ යුතුද?
නැත. දරුවාට අවශ්‍ය මව්කිරි දොවා ගබඩා කළ හැකියි.
රැකියාවේ නියුතු මව්වරුන්ගේ කිරි නිපදවීම හොඳින් සිදුවීමට නම්
කිරි දොවන මව
මව්කිරි දොවද්දී
අතින් කිරි දොවා ගැනීමේදී ඒ සඳහා විනාඩි 20ත් 30ත් අතර කාලයක් වැයවේ. මේ පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියගෙන් හෝ රෝහලෙන් පිටව යන අවස්ථාවේදී හෙද නිළධාරිනියන්ගෙන් හෝ වෙද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න.
දෙවූ මව්කිරි ඇසිරීමේදී
මේ සඳහා වීදුරු බදුන් යොදා ගත හැකි නම් වඩා යෝග්‍ය වේ.
දෙවූ මව්කිරි
ශීතකරණයේ ඇසුරූ කිරි දරුවාට ලබා දීමේදී
ජාතික මව්කිරි දීමේ සතිය වන අගෝස්තු 1 සිට 7 දක්වා මව් කිරෙන් – සපිරි ජාතියක අසිරි – තිරසර සංවර්ධනයකට ”මව්කිරි” යන තේමාව යටතේ මව්වරුන් දැනුවත් කිරීම වඩා වැදගත් වන්නේ නිරෝගී මතුපරපුරක් ගොඩනැගීමේ වගකීම අපකාගේත් යුතුකමක් බැවිනි.
කාසල් වීදියේ කාන්තා රෝහලේ සෞඛ්‍යය ප්‍රවර්ධන සහ මහජන සෞඛ්‍යය ඒකකයේ බී.එම්.එල්.බස්නායක හෙදි සොයුරිය සමග සකස් කරන ලද ලිපියකි.
Saru FM Media