SmartLady අපි ලියන්නේ අපේ හිතවත් කාන්තාවන් වෙනුවෙන්. ඒත් මේ සටහන ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයන්ට. ඔබට වැඩියෙන්ම ආදරය ලැබිය යුතු කාලයේ ආදරය දෙන අන්දම ගැන ඔහුට මේ ලිපියෙන් දැන ගන්න හැකි වේවි.
දරුවෙක් දෝතට එන ආරංචිය අම්මා කෙනෙකුට වගේම තාත්තා කෙනෙකුටත් ලෝකයම තමන්ගේ අතට ලැබුණා වගේ හැඟීමක්. නමුත් අලුත් අම්මා කෙනෙක් ඇත්තටම සතුටින් තියන්න නම් ඇගේ ස්වාමියාට ඇය වෙනුවෙන් බොහෝ කැප වෙන්නට සිදු වෙනවා.
ඔබේ දරුවා දරා සිටින්නේ ඔබේ ආදරණීය බිරිඳ යි. ඇය සිරුරින් ගැබ්බර වූ විට ඔබ හදවතින් ගැබ්බර වී ඒ කාලය දරා ගන්නට ඇයට උදව් දෙන්න. සැබෑ ප්‍රේමය එයයි.
Saru FM Media