වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනා දීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොරබදමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන මලෛයගම් ජන ප්‍රජාවගේ ආර්ථික මෙන්ම සමාජයීය අයිතිවාසිකම්ද තහවුරු කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදි එක් වෙමිනි.
කඳුකර ප්‍රදේශවල වතු ආශ්‍රිතව පදිංචිව සිටින මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවාස ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර මෙම එක් නිවසක් සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ 28ක මුදලක් සහ ශ්‍රී ලංකා රජය විසින් නිවසේ යටිතල පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 04ක මුදලක් වැය කර ඇත.
මෙම නිවාස ව්‍යාපෘතියට අදාළව සම්පාදනය කෙරුණු ග්‍රන්ථ කට්ටලයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
ධීවර, ජලජ සහ සාගර සම්පත් ආමත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයෝද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා කරන ලද සම්පුර්ණ කතාව පහතින්


Saru FM Media