මල් තුහිනවලින් හැඩවූ නුවරඑළිය

0
7

උදෑසන කාලයේ පවතින සීත කාලගුණය හේතුවෙන් අද (24) දිනයේ ද නුවරඑළියේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවද පවසා සිටියේ, දිවයිනේ අවම උෂ්ණත්වය අදත් නුවරඑළියෙන් වාර්තා වූ බවය.

ඒ අනුව නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් සෙල්සියස් අංශක 7.8ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවල ඝන මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද බාධා ඇතිව තිබුණි.

විශේෂයෙන් හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම  මීදුම් තත්ත්වය වැඩි වශයෙන් පවතී.

ඒ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනයේ දී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here