මල් අස්නාගල රක්ෂිතයේ කොටසකට හානි කළ සැකකරුවන්ට නීතිමය පියවර

0
2

මල් අස්නාගල රක්ෂිත වනයෙහි සාගිනි වැව කොටසේ, වන අපරාධයේ සැකකරුවන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මල් අස්නාගල රක්ෂිත වනයෙහි සාගිනි වැව කොටසේ, වන අපරාධයක් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක 1995 වන සුරැකුම ඒකකය වෙත තොරතුරක් ලැබුණු බවය.

ඒ අනුව මේ පිළිබඳව ක්‍රියාත්මක වෙමින් ඊට අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.   

මෙම ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මඟින් අංක 1740/10 හා 2012.01.10 දිනැතිව ප්‍රකාශයට පත් කරන ලද මල් අස්නාගල රක්ෂිත වනය තුළ පිහිටා ඇති අතර පසුගිය 10 වැනි දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී කිසිදු පුද්ගලයෙකු අදාළ ඉඩමේ නොසිටිය ඇති බවත් එම ස්ථානය පැරණි හේනක් බවට නිරීක්ෂණය වී ඇති බවත් පරිසර අමාත්‍යාංශය සඳහන් කර තිබේ. 

අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ අදාළ ඉඩමේ වන ආවරණයක් නොතිබූ බවත් තැනින් තැන මයිල වර්ගයේ ගස් 05ක් පමණ තිබුණු අතර ඉඩමේ අයිනට වන්නට ගඩොලින් බැඳි ගොඩනැඟිල්ලක් නිරීක්ෂණය වී තිබුණු බවත්ය.   

පසුගිය 15 දින නැවත අදාළ ස්ථානය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට වෙත යනවිට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානය මඟින් අදාළ ස්ථානයට ගොස් වැටලීමක් සිදුකර පුද්ගලයින් 05 දෙනෙකු හා ට්‍රැක්ටර් රථයක් හා JCB යන්ත්‍ර 02ක් අත්අඩංගුව ගෙන ගෙන ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය මඟින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. 

ඒ අනුව හෙක්ටයාර 09.04 ක ප්‍රමාණයකින් යුතු අදාළ ඉඩම භුක්ති විඳින පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු පොලීසිය මඟින් අනාවරණය කර ඇති අතර රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත යටතේ අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here