හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මහර මහෙස්ත්‍රාත් අධිකරණයයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළවයි මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේ.
හිටපු අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙක් මින් පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරුවන් අද (03) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ.
සැඟවී සිටින ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර, එය සලකා බැලීම අප්‍රේල් මස 9 වනදා සිදු කිරීමට නියමිතයි.
Saru FM Media