මර්වින් සිල්වා යළිත් රිමාන්ඩ් !

0
6


සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු මැයි 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (අප්‍රේල් 21) දිනයේදී ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ද අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසිය තවමත් සමත්ව නැත. ඒ අනුව ඔහුව ද අත් අඩංගුවට ගෙන මැයි 05 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here