හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව්දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ සැකකරුවන් ව අද (21) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළ ව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහර මහේස්ත්‍රාත්වරය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
Saru FM Media