මරණයෙන් කෙළවර විය හැකි ආහාර අසාත්මිකතාව

0
2

අප එදිනෙදා ගන්නා ආහාර වර්ණවත් මෙන්ම රසවත් කිරීම සඳහා විවිධ රස කාරක මෙන්ම වර්ණක භාවිතා  කරනවා. නමුත් බොහොමයක් දෙනෙකුටමේ රසායන ද්‍රව්‍යයන් ඉතාමත්ම අහිතකර බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම සමහර ආහාර වර්ග ස්වභාවයෙන්ම අසාත්මික ලක්ෂණයන් ඇති කරනවා.  රසයට පමණක් අවධානය යොමු කළොත් සිදුවිය හැකි හානිය ඉතාමත් විශාල බව අමුතුවෙන් කිව යුතුත් නැහැ.

අසාත්මිකතාවක් බව අප දැන ගන්නේ කොහොමද?

  • පලු දැමීම
  • ඇඟ ඉදිමීම
  • රතු පැහැ ගැනීම
  • කැසීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • උදරයේ වේදනාව
  • බඩ පුරවා දැමීම
  • දද  හෝ එග්සිමා තත්වයන් ඇතිවීම

අසාත්මිකතාව අධි සංවේදී වීමෙන් ඇතිවෙන ප්‍රතිඵල

  • මෙහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ මුව වටා ඇතිවන හිරි ගතියකි. එසේම රෝගියාට ශරීරයේ උණුසුම් ගතියක් දැනේ.
  • ශරීරයේ අප්‍රාණික බව
  • හුස්ම ගැනීමේ අපහසුව
  • උදරයේ වේදනව
  • වමනය
  • බුරුලට මල

අසාත්මිකතාව සහ කුඩා දරුවන්

විවිධ ආහාර වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට අසාත්මිකතාවන් ඇති කරනවා.

  • ඉස්සන් කකුළුවන්
  • සමහර මාළු වර්ග
  • කිරි ආහාර
  • බිත්තර සහ විවිධ ධාන්‍ය
  • වර්ණක සහ රස කාරක නිසා ඇදුම රෝගය ඇති වීමේ අවදානම

ප්‍රතිකාර

යම් ආහාරයක් එක් වතාවක් අසාත්මික වී නම් එය මතකයේ තබා ගැනීම වැදගත්. රෝහලට ගෙන යාමට පෙර කළ යුතු දේ පිළිබඳව පෙර සුදානමකින් පසු වීම. හැකි ඉක්මනින් රෝහල් ගත කිරීම.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here