මන බඳින දෑසකට ලස්සන ඇහිබැම.

0
9


බොහෝ  කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ප්‍රමාණවත් පරිදි ඇහිබැම නොවැඩීම.ලස්සන දෑසකට ඇහි බැම              කියන්නේ අනිවාර්යෙන්ම අංගයක් .හිතුමතේ ත්‍රෙඩින් කිරීම වැක්ස් කිරීම මෙන්ම රේසර් කිරිම නිසාත් ඇහි බැම විකෘති වෙන්න පුළුවන්.

සම්බාහනය.

ඇහි බැම සම්භාහනය කිරීම මගින් හොඳ වර්ධනයක් පෙන්නුම් කරනවා.දිනපතා  මුහුණ සෝදන අවස්ථාවලදී හෝ විශේෂයෙන් ඔලිව් තෙල් හෝ පොල්තෙල්  ටිකක් ආලේප කර සම්බාහනය කරන්න පුළුවන් .
සෙමින් වැඩෙන්නට ඉඩ හරින්න.
ඔබ ඇහිබැම වර්ධනය අපේක්ෂා කරන කෙනෙක් නම්  එය ගලවා දමන්නට එපා .කිසියම් කාලයක් යනතුරු  ත්‍රේඩීන් ආදී කිසිම දෙයක් සිදු නොකරන්නට වග බලා ගන්න අවශ්‍යයි .මෙසේ නිදහසේ වලින් සඳහා අවම වශයෙන් සති 12ක් වත් අවශ්‍ය වෙනවා .
පීරන්න.
නිතර නිතර ඇහිබැම පීරීම නිසා උත්තේජනයට පත් වෙනවා .ඒ සඳහා වෙනම පනාවක් හෝ බ්‍රශ් එකක් සූදානම් කර තබා ගන්න.
වැස්ලින්
කෙස් වැඩීමට නම් සම  තෙතමනය සහිත පෝෂණීය එකක් වෙන්න  ඕනා .වැස්ලින් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් පහසු අමුද්‍රව්‍යයක්.
ඔලිව් තෙල්.
ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන ඇහි බැමි මත ගල්වා ඇඟිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කර පැය දෙකක් පමණ තබා සබන් නොමැති සේදුම් කාරකයක් දමා සෝදා හරින්න .
පොල් තෙල්.
ඇහි බැම වර්ධනය කර ගැනීමට පොල්තෙල් ද ඉතාමත් සුදුසු ද්‍රව්‍යයක්.ඒ සඳහා පිරිසුදු කපු රෙදි කොටස් දෙකක් හෝ පුළුල් කොටස් දෙකක් පොල් තෙල් පොඟවා ඇහිබැම මත රාත්‍රියක් තබාගෙන හිදින්න පසුදා පසුදා හිස් මගින් සෝදාහරින්න .
පෝෂණ සත්කාර.
ලූනු යුෂ ,බිත්තර කහමද, උළුහාල් ඇට කෝමාරිකා ඉස්ම ආදිය ද භාවිතා කර ඇහිබැම වර්ධනය කරගන්න පුළුවන්.ඒ වගේම  හොඳින් ජලය පානය කිරීම හා පෝෂදායී ආහාර ගැනීම ද මේ සඳහා අතිශයින්ම වැදගත් වනවා.

-ඉරේෂා-

The post මන බඳින දෑසකට ලස්සන ඇහිබැම. appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here