මනූෂ ගැන අල්ලස් කොමිසමේ විමර්ශන අවසන් – Saru News | සිංහල

0
2

හිටපු ඇමති මනූෂ නානායක්කාරට එරෙහි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදානා විමර්ශන කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) දැනුම් දී තිබේ.

ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශන අවසන් කර එහි ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවය.

එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල අගෝස්තු මස 28 වන දා යළි කැඳවීමට නියෝග කර තිබේ.

එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් එම කොමිසමට නියෝග කළා.

හිටපු ඇමති මනූෂ නානායක්කාරට දූෂණ චෝදනා එල්ල වී ඇත්තේ, 2023 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීම තුළින් රජයට පාඩු සිදු කළ බවටය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here