මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස, හුළුදාගොඩ මාර්ගයේ පාලු ඉඩමක් තුළ වයස අවුරුදු 23ක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදි ශාන්ත රීටා පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය මගින් ක්‍රියාත්මකයි.
Saru FM Media