විවාහ වීමට මාසයක් පමණ තිබියදී යාපනයේ චාවාකච්චේරී ප්රදේශයේ මනමාලයාගේ නිවසින් රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කළ මනාලියව චාවාකච්චේරී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ මෙම තරුණයා කිළිනොච්චියේ තරුණියක සමග පෙමින් වෙලී සිටීමෙන් පසුව ඔවුන්ගේ විවාහයට දින නියම කරගෙන ඇත.
විවාහ මංගල්ලයේ කටයුතු සැලසුම් කිරීම පිණිස මනාලිය මනමාලයාගේ නිවසට පැමිණ දින කීපයක් සිට ආපසු කිළිනොච්චියට ගොස් තිබේ.
දිනක් මනමාලයා තම අල්මාරිය විවෘත කොට බලන විට පවුම් 8 කට වඩා වැඩි බරකින් යුත් රන් භාණ්ඩ සියල්ලම අල්මාරියෙන් අතුරුදහන් වී තිබෙනු දැක වහාම ඒ පිළිබදව චාවාකච්චේරී පොලීසියට පැමිණිලි කොට ඇත.
පොලීසිය විසින් සැකපිට මනාලිය අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදි ඇය විසින් හොරකම් කරණ ලද සියලු රන් භාණ්ඩ අලෙවි කොට මුදල් ලබා ගෙන ඇති බව හෙළි වී තිබේ.
Saru FM Media









