දේශගුණික විපර්යාසයත් සමගම මන්නාරමේ මුහුදට ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ.
මීට දින කීපයකට ඉහතදී 1500 කට අධික ඩොල්ෆින් මසුන් රංචුවක් පැමිණීමෙන් අලංකාර වූ මන්න්නාරම මුහුදු තීරය මේ වන විට ප්ලාස්ටික් වලින් පිරෙන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.
මන්නාරම මුහුදු තීරයට පැමිණි ඩොල්ෆින් මසුන් රංචුව මේ වන විට ඉන්දියාවේ චෙන්නායී මුහුදු තීරයේ ගැවසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
ඒ අතරවාරයේ කුඩා ප්ලාස්ටික් බෝල ලක්ෂයක් පමණ ගොඩ ගසා මුලු මන්නාරම් මුහුදු වෙරළ තීරයම අපිරිසිදු වී ඇති බව මන්නාරමේ ධීවරයින් කියා සිටී.
Saru FM Media









