මන්දපෝෂණය වලක්වා දරුවන් නීරෝගී කිරීමට ඔබත් මේ ගැන දැනුවත් වෙන්න

0
13


දරුවො කියන්නේ දෙමව්පියන්ගෙ මුළු ලෝකෙම වගේම අතහැර දැමිය නොහැකි වගකීමක්.

නීරෝගී සහ බුද්ධිමත් දරුවන් රටක අනාගතය ගොඩනඟන නිසා දරුවන් ආරක්ෂාකාරීව සහ සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීම ඉතාම වැදගත් වෙනවා.

දරුවන්ගෙ පෝෂණ අවශ්‍යතා ගැන නිරන්තරයෙන් සැළකිලිමත් වෙන අපේ අම්මලා තාත්තලාට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අද මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ.

අද වෙද්දී ශ්‍රී ලංකාවේ පවතින විවිධ සමාජ ආර්ථික ගැටළු නිසා දෙමාපියන් සහ වැඩිහිටියන්ගෙන් පෝෂණය ලබන සමාජයේ කොටසක් වෙන දරුවන් අතරේ විවිධ පෝෂණ ගැටළු ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවෙලා තියෙනවා.

ඒ එක් පෝෂණ ගැටළුවක් තමයි මන්දපෝෂණ තත්වය.

අද අපි මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ මන්දපෝෂණය වලක්වා නීරෝගී දරුවන් සමාජයට දායක කරන්නෙ කොහොමද කියන කාරණාව පිළිබඳවයි. 

මුලින්ම අපි බලමු මන්දපෝෂණය තත්වය ලෙස හඳුන්වන පෝෂණ ගැටළුව මොකක්ද කියල?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පෝෂණය ලබා ගැනීමේදී පවතින ඌනතාවන් හෝ අධි පෝෂණ මට්ටම්, අත්‍යාවශ්‍ය පෝෂණ පදාර්ථයන්ගේ අසමතුලිතතාවන් හෝ දුර්වල පෝෂණ තත්වයන් මන්දපෝෂණය (malnutrition) යනුවෙන් හඳුන්වනවා.  

මන්දපෝෂණයේ ප්‍රධාන ආකාර 02 ක් හඳුනාගන්න පුළුවන්.

ඒ ඌන පෝෂණ (undernutrition) තත්වය සහ අධි පෝෂණ (overnutrition) තත්වය ලෙසයි.

ඌන පෝෂණයේ ලක්ෂණ ලෙස,

උසට සරිලන බරක් නොමැති වීම (ක්ෂය වීම),

වයසට සරිලන උසක් නොතිබීම (මිටි බර) සහ

වයසට සරිලන බරක් නොමැති වීම (අඩු බර) හඳුනාගන්න පුළුවන්. 

අධි පෝෂණයේ ලක්ෂණ ලෙස, 

සිරුරේ අධික ලෙස හෝ අසාමාන්‍ය ලෙස මේදය තැම්පත් වීම සහ

ඒ ඔස්සේ ඇතිවෙන ස්ථුලතාවය සහ අධිබර තත්වයන් හඳුනාගන්න පුළුවන්. 

2022 වසරේ ඇතිවූ ආර්ථික ගැටළු ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වලට සෘජුවම බලපෑම් එල්ල කල බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් 15.3 % ක් අඩුබර තත්වයෙන්, 9.2% ක් වයසට සරිලන උස නොමැති වීමේ ගැටළුවෙන්ද 10.1% ක ප්‍රතිශතයක් උසට සරිලන බර නොමැති තත්වයෙන් වගේම 0.6% ක් අධිබර තත්වයෙන්ද පෙළෙනවා. 

දැන් අපි බලමු මන්දපෝෂණ තත්වයන් ඇතිවීමට හේතු මොනවද කියල

ළමා මන්දපෝෂණයට ප්‍රධාන හේතුව ලෙස දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණයක් නොලැබීම හඳුනාගන්න පුළුවන්.

නමුත් ඊට අමතරව, දුර්වල සෞඛ්‍ය සේවා තත්වයන්, කිරිදෙන මව්වරුන්ගේ මන්දපෝෂණය සහ අපිරිසිදු ජීවන තත්වයන් මන්දපෝෂණය සඳහා හේතු වෙනවා.

මීළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නෙ මන්දපෝෂණය තත්වය හඳුනාගන්න පුළුවන් සලකුණු ගැනයි.

හොඳයි. දැන් අපි බලමු මන්දපෝෂණය වළක්වා ගෙන ඔබේ දරුවාට නීරෝගී දරුවෙක් ලෙස වැඩෙන්නට ඔබට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියල. 

යම් යම් අඩුපාඩු තිබුණත් ශ්‍රී ලංකාව තවමත් නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වෙන රටක්. 

ගර්භණී සමයේ සිටම දරුවා නිසි වයසට පත්වෙන තුරුම අවශ්‍ය පෝෂණ අවශ්‍යතා පිළිබඳ නොමිලේ සහ ඕනෑම සමාජ තරාතිරමක පුද්ගලයන්ට ගැළපෙන ආකාරයට දැනුවත් කිරීම් සිදුකරන අවතක්සේරු කළ නොහැකි පවුල් සෞඛ්‍ය සේවාවක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. 

මේ සේවාව නිසාම කුඩා දරුවන් අතර ඇතිවෙන බොහෝ ලෙඩ රෝග තුරන් කළ රටක් ලෙස අපි ලෝකයේ පෙරමුණ ගෙන තිබෙනවා.

ඒ නිසා ඔබට ඔබේ දරුවාගෙ ඉහත රෝග ලක්ෂණ නිරීක්ෂණය වෙනව නම් පෞද්ගලිකව වෛද්‍යවරෙයෙක් මුණගැසී හෝ ලඟම ඇති රජයේ රෝහලකට එහෙමත් නැත්නම් ලඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයට ගොස් අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා ගැනීම ඉතාම වැදගත්.

ඊට අමතර, නිසි පරිදි දරුවන්ට එන්නත් ලබාදීම, ක්ෂණික ආහාර, සකස් කළ මස් වර්ග සහ පැණිරස ආහාර දරුවාට ලබාදීමෙන් හැකිතරම් වැළකීමත් ඉතාම වැදගත්. 

ඇපල්, කිරි, මාළු වර්ග, කැරට් සහ කෙසෙල් වගේ පෝෂණීය ආහාර නිරතුරුව දරුවාගේ ආහාර වේලට එකතු කරගන්න ඔබට පුළුවන්.

මේ ආහාර දරුවාට ලබාදෙන්න ආර්ථික ශක්තියක් ඔබට නැත්නම් ගෙවත්තේ වගා කරගත් පළා වර්ග, බතල, වැව් මාළු, එළවළු, කොස් සහ පොළොස් වගේ ආහාර විවිධ ක්‍රම වලට පිළියෙල කරල ආහාර පිළියෙල කරන්නත් ඔබට පුළුවන්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here