පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට ගානා ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බව ද වාර්තා වේග
රත්‍රං විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේග
2023 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට රත්‍රං ලබාදෙන බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්‍රං කිලෝග්‍රෑම් 50ක් විකිණීමට යාමේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම සැකකරුවන් පසුගිය ඔක්තෝබර් 16 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කහ පැහැති රත්‍රං බවට සැකකෙරෙන ලෝහ 2ක් ද සොයාගෙන ඇත.
Saru FM Media











