මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපෙන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 4ක්

0
4

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති තවත් පෙත්සමක පිටපතක් තමාට ලැබී ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට එදින සිට දින 14ක කාලයක් ලැබී ඇත.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස අග දී පැවැත්වීමට නියමිතය.

පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් 512කගේ විශ්‍රාම වැටුප අහෝසි වනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here