2025 පළාත් පාලන ආයතන මැතිවරණය අද (06) පැවැත්වෙනවා.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (06) උදෑසන 7.00 ට ආරම්භ වීමට නියමිතයි.
දිවයින පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 13,759ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත් වෙනවා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හයදහස් තුන්සීය තිස් අටදෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589ක්.
ඡන්ද විමසීම අද (06) පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මේ අතර මෙවර මැතිවරණයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000ක් යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම දිවයින පුරා ජංගම මුර සංචාර 3,216ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළා.
අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයින්ගේ සහාය ද මැතිවරණයේ ආරක්ෂාව සඳහා ලබාගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
Saru FM Media