Sunday, May 11, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මන්ත්‍රී චාමර සම්පත්ගේ හිරගේ මෙට්ට ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

මන්ත්‍රී චාමර සම්පත්ගේ හිරගේ මෙට්ට ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

0
13


mp-chamara-sampaths-mattress-request-rejected

 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් නිදාගැනීම සඳහා මෙට්ටයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.


මූල්‍ය වංචා චෝදනාවක් මත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා කොන්දේ අමාරුවක් ඇති බව පවසමින් මෙට්ටයක් ලබා දෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීම බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිවේදනය අනුව, මෙවැනි උපකරණයක් සැපයීම සඳහා වෛද්‍ය නිර්දේශයක් අනිවාර්ය වන අතර, වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙට්ටයක් ලබා දීම කළ නොහැකි බව පවසා ඇත. මෙම තීරණය බන්ධනාගාර නීති රීති සහ ක්‍රියා පටිපාටි අනුව ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කෙරේ.
චාමර සම්පත් මහතාගේ ශරීරයේ ස්වභාවය අනුව ඔහුට බිම නිදාගැනීම අපහසුවී ඇති බව වාර්තාවේ. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කරේ තමාව “කෝප් කමිටුවේ එක් සාමාජිකයෙක් ‘බඩුල්ලේ බඩා’ ලෙස හැඳින්වූ බවත් එය ඇත්තක් වුවත් එසේ කියන එක නොගැළපෙන බවත්ය.

2016 වසරේ ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ කාලයේදී, ඌව පළාතේ පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමේ ව්‍යාපෘතියක් යටතේ රුපියල් ලක්ෂ 173ක මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන තිබීම නිසා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන සිටින දසනායක මහතා 2025 අප්‍රේල් 01 වන  දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here