මන්ත්‍රී චාමර යළිත් රිමාන්ඩ්

0
13


පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 21 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකල නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

මන්ත්‍රීවරයා මේ වන විටත් පසුවන්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවයි.

ඒ, මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවකට අදාළවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here