මන්ත්‍රී අර්චුනා සභා ගර්භයෙන් දොට්ට දමයි

0
3


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සභා ගර්භයෙන් ඉවත් කිරීමට මුලසුනේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද පස්වරුවේ පියවර ගනු ලැබුවා. 

ඒ, දිගින් දිගටම සභාවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන්. 

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දක්වමින් සිටියදී රීති ප්‍රශ්නයක් මතු කරමින් දිගින් දිගටම සභාවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් ඔහු එලෙස සභා ගර්භයෙන් ඉවත් කිරීමට මුලසුනේ සිටි මන්ත්‍රීවරයා නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිදු කළ නුසුදුසු ප්‍රකාශ හේතුවෙන් කතානායකවරයා විසින් ඔහුගේ පාර්ලිමේන්තු කතා, පාර්ලිමේන්තු සජීවී විකාශයෙන් තාවකාලිකව අත්හිටුවීමට ද මීට පෙර නියෝග කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here