යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29දා) කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සැප්තැම්බර් 22 වන දින පැවති විරෝධතාවක් අතරතුර කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිය වාහනය බලහත්කාරයෙන් නවතා පොලිස් රාජකාරියට බාධා කළ බවට එල්ල වූ චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා අද කොටුව පොලීසිය වෙත පැමිණි අතර එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.
Saru FM Media