මනසට සැහැල්ලුව ලබා දී ඔබ සුවපත් කරන Breathing exercises මඟින් ලැබෙන අසමසම වාසි.

0
8


අපි අපේ සෞඛ්‍ය ගැන හිතලා විවිධ වූ ව්‍යායාම වල යෙදෙනවා. ගැඹුරින් හුස්ම ගැනීම කියන්නෙත් ඔබට සෞඛ්‍යමය වාසි ගොඩක් ලබා දෙන ව්‍යායාමයක් කියලා ඔබ දැනගෙන හිටියේ නෑ නේද ? එහෙනම් ඔබටයි මේ ලිපිය.

හුස්ම ගැනීමේ ව්‍යායාම , එහෙමත් නැත්තම් breathing exercises කියන්නේ ඔබේ සෞඛ්‍යයට ඉතාම හොඳ ව්‍යායාමයක්. එයින් ඔබට අත්වෙන වාසි බොහොමයක් තියෙනවා.හැබැයි ඒ වාසි අත්වෙන්න නම් ඔබ හරි විදියට ඒ ව්‍යායාමය කරන්න ඕන. මොනවද මේ breathing exercises කියන්නේ ? මොනවද ඒකෙන් අපිට ලබාගන්න පුලුවන් ප්‍රතිලාභ ? ඒ ගැන අපි කතා කරමු

මේක 4 – 7 – 8 හුස්ම ගැනීමේ ක්‍රමවේදය මෙන්ම ලිහිල් හුස්ම ගැනීම කියලත් හඳුන්වනවා.මෙහිදී දිගු , ගැඹුරු හුස්මක් ඇතුලට සහ පිටතට ගැනීම කෙරෙහි අවධානය යොමු කල යුතුයි.මේක බොහෝ විට භාවනා සහ යෝග පුහුණුවීම් වල මූලික අංගයක් ලෙසත් සැලකෙනවා.
ආචාර්‍ය ඇන්ඩෲ වේල් නැමති වෛද්‍යවරයා සඳහන් කරන පරිදි නින්ද නොයෑම , කාංසාව ,අධික කෝපය සහ කලබලකාරී බව වගේම මානසික ආතතිය වැනි තත්වයන් තියන පුද්ගලයන්ට මෙය ඉතා සුදුසු ව්‍යායාම ක්‍රමයක්.

මුලින්ම ඔබ සුවපහසු ලෙස සිටිය යුතුයි.

4 – 7 – 8 ක්‍රමය භාවිතා කරන්න නම් ඔබ පහත ආකාරයට හුස්ම ගැනීම ක්‍රියාවලිය සිදු කල යුතුයි

හොඳ හුස්මක් පිට කරන්න

තප්පර හතරක් නාසය හරහා සෙමින් හුස්ම ගන්න

තප්පර හතක් හුස්ම රඳවා ගන්න

තප්පර අටක් තොල් වලින් ” හුශ් ” ශබ්දයෙන් නිකුත් කරන්න

මෙය ක්‍රියාවලිය අවම වශයෙන් හතර වතාවක් කල යුතුය

වෛද්‍ය වේල් නිර්දේශ කරන ආකාරයට එම ව්‍යායාමය අවම වශයෙන් දිනකට දෙවරක් වත් කල යුතුයි.ඒ වගේම එම ව්‍යායාමය පුහුණු වන තෙක් හතර වතාවකට වඩා නොකල යුතු බවත් ඔහු පවසනවා.
ඒ වගේම මෙම ව්‍යායාමය කරන මුල් අවධියේදී කරකැවිල්ල හෝ වැටීම සිදුවිය හැකි නිසා වාඩිවී හෝ වැතිර සිටින ඉරියව් වලින් මෙම ව්‍යායාමය සිදුකිරීම සුදුසු බවත් ඔහු සඳහන් කර තිබෙනවා

දිගු වෙලාවක් හුස්ම ගැනීමට නොහැකි කෙනෙකුට ඒ වෙනුවට කෙටි රටාවක් උත්සහ කරන්නත් පුලුවන්

තප්පර 2 ක් නාසය හරහා හුස්ම ගන්න

තත්පර 3.5 ක් සඳහා හුස්ම තබා ගන්න

තත්පර 4 ක් මුඛය හරහා හුස්ම ගන්න

ඔබ ගැඹුරින් හුස්ම ගන්නාවිට ශරීරය මගින් එන්ඩෝර්ෆින් නැමති හෝමෝනය නිකුත් කරනවා.එය ශරීරය මගින්ම නිර්මාණය කරන ස්වාභාවික වේදනා නාශකයක්

ඔබ ගැඹුරු හුස්මක් ගන්නා විට, ප්‍රාචීරයේ ඉහළට හා පහළට ගමන් කරන රුධිරයේ ප්‍රවාහය වැඩි දියුණු කරන අතර එමඟින් ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමද සිදු වෙනවා

ගැඹුරු හුස්ම ගැනීම මගින් නැවුම් ඔක්සිජන් ශරීරය තුළට ගෙන එන අතර විෂ හා කාබන් ඩයොක්සයිඩ් ශරීරයෙන් පිට කරනවා.එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතුලු අත්‍යවශ්‍යයම අවයව වල ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.පිරිසිදු, විෂ රහිත හා සෞඛ්‍ය සම්පන්න රුධිර සැපයුමක් මගින් ආසාදන ඇති කරන විෂබීජ ශරීර ගතවීම වළක්වා ගැනීම නිසා එයත් ඔබේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරගැනීමට හේතුවක් වෙනවා. ඒ වගේම ගැඹුරින් හුස්ම ගැනීම ශරීරයේ විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමද ක්‍රමවත් කරනවා

Breathing exercises පුරුද්දක් විදියට සිදු කරන පුද්ගලයන්ට කණස්සල්ලට පත්වෙන හැඟීම් සහ නොසන්සුන් බව ඇතිවීම අවම වෙනවා කියලා මනෝ විශේෂඥයන් පෙන්වා දීලා තියනවා.ඒ වගේම අධික කෝපය සහ කලබලකාරී බවත් මින් පාලනය කරන්නට හැකියාව තියෙනවා

සරල සහ ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම අනුගමනය කිරීමෙන් වඩා හොඳ නින්දක් ලබා ගත හැකි වෙනවා.සුව නින්දක් මගින් ශරීරයේ විශබීජහරණයද හොඳින් සිදුවෙනවා.නින්ද නොයෑමේ තත්වයට මුහුණ දෙන බොහෝ දෙනාට හොඳ නින්දක් ලබා ගැනීම සඳහා නින්දට පෙර භාවනා කිරීම සමඟ හුස්ම ගැනීමෙ ව්‍යායාම වල නිරත වීම හොඳ බව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා

හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් රුධිර ප්‍රවාහය හොඳින් සිදු වෙන නිසා රුධිරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලැබීම සිදුවෙනවා.එමගින් ශරීරයේ ශක්ති ප්‍රමාණයද වැඩිවෙනවා

පිළිකා වැනි තත්ව වර්ධනය වන්නේ ආම්ලිකතාවය වැඩි ශරීර වල බව පර්‍යේෂණ මගින් හෙලිවී තිබෙනවා.ශරීරයේ ආම්ලිකතාවය වැඩිවීමට මානසික ආතතියද බලපානවා.ඒ නිසා ගැඹුරු හුස්ම ගැනීම මගින් මානසික ආතතිය අඩු කරන නිසා එමගින් ශරීරයේ ආම්ලිකතාවය අඩු කිරීමේ හැකියාවද තියනවා කියලා වෛද්‍යවරුන් පවසනවා

ගැඹුරින් හුස්ම ගැනීම මගින් අපගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළුව සියලුම ශරීර කොටස් වලට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සපයනවා.එමඟින් එය වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරනවා. ගැඹුරු හුස්ම ගැනීම නිසා රුධිර ප්‍රවාහය වැඩි වීම බඩවැල් ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර එමඟින් ඔබේ සමස්ත ආහාර ජීර්ණ ක්‍රියාවලියම තවදුරටත් දියුණු වනවා. මීට අමතරව, ගැඹුරු හුස්ම ගැනීම මගින් සන්සුන් ස්නායු පද්ධතියක් ඇති වන අතර එමඟින්ද ආහාර ජීර්ණය වැඩි කරනවා.

ඔබ කෝපයට පත්වන විට, ආතතියට පත්වන විට හෝ බිය වන විට ඔබේ මාංශ පේශි තද වී ඔබේ හුස්ම ගැනීම සීමා වෙනවා.මෙම අවස්ථාවේදී ඔබේ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නෙ නෑ. දිගු ,ගැඹුරු හුස්ම ගැනීම මෙම ක්‍රියාවලිය ආපසු හරවන අතර ඔබේ ශරීරය සහ මනස සන්සුන් වීමට ඉඩ සලසනවා

හුස්ම ගැනීමේ ව්‍යායාම ආරම්භක අවධියේ සිටින අයට කරකැවිල්ල සහ කුඩා හිසරදයක් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.එයට විසඳුම් ලෙස හුස්ම ගැනීමේ ව්‍යායාම සිදු කරන කාලය අඩු කල යුතු බවත් එය වැඩි කිරීම ක්‍රම ක්‍රමයෙක් සිදු කල යුතු බවත් වෛද්‍යවරුන් පවසනවා

කොහොම උනත් මේ හුස්ම ගැනීමෙ ව්‍යායාම ඔබ සිදු කලයුතු වන්නේ ඒ සඳහා වූ නිසි ක්‍රමවේද වලට අනුවයි.ඊට පෙර ඔබට හුස්ම ගැනීම සම්බන්ධ මොනයම් හෝ සෞඛ්‍යමය ගැටලුවක් තිබෙනවාද යන්න වෛද්‍යවරයෙක් ලවා පරික්ශා ගැනීමත් සුදුසු වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here