මනම්පිටිය වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

0
9


මනම්පිටිය ආයුර්වේද පෙදෙසේ පිහිටි ජීවමාන ක්‍රිස්තු දේවස්ථානයට වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

ඊයේ රාත්‍රියේ  සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසිය විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම්කර බැලීමෙන් අනතුරුව යළි මාර්ගයට ගොස් මෙම වෙඩි තැබීමසිදු කර පලා ගියා.

මෙම ස්ථානයේ සිටින දේවගැතිවරයා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළි වුණේ.

සිද්ධියෙන් දේවස්ථානයේ ජනේලයකට හානි සිදු වුණා.

වෙඩි තැබීමට යොදා ගත් බවට සැකකෙරෙන මෙරට නිෂ්පාදිත ගිනිඅවිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here