මනම්පිටියේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවෙකු අත්අඩංගුවට

0
9


මනම්පිටිය පොලිස් වසමේ ආයුර්වේද පෙදෙසේ පිහිටි “ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය” නම් වූ සිද්ධස්ථානයට පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. 

වෙඩි තැබීම සඳහා යොදාගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. 

එම වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. 

එම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් සැකකරු එම වෙඩිතැබීම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

මනම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here