මනම්පිටියේ දේවස්ථානයකට වෙඩිතැබූ සැකකරු අත්අඩංගුවට. හේතුවත් හෙළිවෙයි

0
11


සටහන – රුවන් නෙළුගොල්ල

මනම්පිටිය ආයුර්වේද පෙදෙසේ පිහිටි දේවස්ථානයකට වෙඩිතබා පළාගිය සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

“ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය” නම් වූ මෙම දේවස්ථානයට ඊයේ (අප්‍රේල් 18) රාත්‍රී 07.00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි. මෙම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුවී නොතිබුණු අතර දේවස්ථානයේ ජනේලයකට හානි සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය ප්‍රධාන පාරේ පදිංචි 38 හැවිරිදි අයෙකි. වෙඩිතැබීමට යොදාගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම දේවස්ථානයේ දේවගැතිවරයා සමග පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here