මධ්‍යම යුක්‍රේනයේ ක්‍රිවි රි නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක්

0
17


මධ්‍යම යුක්‍රේනයේ ක්‍රිවි රි නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මියගිය පිරිස අතර ළමුන් නව දෙනෙකු ද සිටින බව සඳහන්.

එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම ගණන තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට රජය පවසන්නේ.

ප්‍රහාරය හේතුවෙන් ප්‍රදේශ හතරක් පුරා ගින්නක්ද හටගෙන තිබෙනවා.

එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බවයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here