පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පපොළ නවීකරණය කිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) ආරම්භ කෙරිණ.
ගුවන් හමුදාව විසින් සිදුකෙරෙන එහි නවීකරණ සහ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 425ක් වන අතර මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කෙරෙන්නේ වසර 60 කට පසුව වීඹ විශේෂත්වයකි.
මාස 08 ක කාලයක් එහි නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.මේ හේතුවෙන් ඒකාබද්ධ කාලසටහන් හැර සෙසු ලංගම සේවා බෝධිරාජ මාවතේ අඩි 100 පාරේ සිට තාවකාලිකව ක්‍රියාත්මක කෙරේ.
ඒකාබද්ධ කාලසටහන යටතේ බස් රථ ධාවනය කෙරෙන්නේ බැස්ටියන් මාවතේ පුද්ගලික බස්නැවතුම්පලේ සිටය.
Saru FM Media