මධ්‍යම අධිවේගයේ වැඩ අද පටන් ගනියි

0
6

ඉදිකිරීම් නවතා දමා තිබු , මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම අතර කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දින නිල වශයෙන් නැවත ආරම්භ කෙරේ .

ඒ , ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙනි .

ඒ අනුව , කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500 ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කිරීමට නියමිතය .
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ.

මධ්‍යම අධි­වේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරි­ගම සිට කුරු­ණෑ­ගල දක්වා කොටස අව­සන් කොට ඇති අතර පසු­ගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග කඩවත-මීරිගම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 වසරේ මැද භාගයේදී අත්හිටුවනු ලැබිය.

ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩ­වත අන්තර් හුව­මා­රුවේ සිට මීරි­ගම දක්වා වන කිලෝමීටර් 37 වූ කොට­සෙහි ස්ථාන කිහි­ප­ය­කදී කිලෝ­මී­ටර් 15ක දුරක් කුලුනු මතින් ඉදි­කෙ­රෙන අතර ගම්පහ, වේය­න්ගොඩ සහ මීරි­ගම නගර ආශ්‍රි­තව අන්තර් හුව­මාරු ස්ථාන තුන­කින් සම­න්වි­තය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here