මධ්‍යම අධිවේගයේ කඩවත සහ මීරිගම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

0
13


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද සිදුව තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කොළඹ නගරයේ  මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස් රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here