48 CC ධාරිතාව සහිත යතුරු පැදි (මදුරුවා) සඳහාද ඉන්ධන නිකුත් කිරීමට අදාළව ක්‍රමවේදයක් සකස් කිරීමට ඩිජිටල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
මෙම යතුරු පැදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී නොමැති බැවින්, එම යතුරු පැදි සඳහා කිව්.ආර්. කේතය මගින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නැත.
මේ නිසා මෙම යතුරු පැදි හිමියෝ ඉන්ධන සපයා ගැනීමේදී අසීරුතාවට පත්ව සිටිති.
ඒ නිසා මෙම යතුරු පැදි සඳහාද පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ඩිජිටල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
එම යතුරු පැදියක් සඳහා යෙදිය හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර් 4 කි.
අනෙකුත් යතුරු පැදි සඳහා මේ වනවිට සතියකට ලීටර් 08 ක ඉන්ධන කෝටාවක් ලබාදීම සිදු කරයි.
බොහෝ දුරට එම ඉන්ධන ප්‍රමාණයම 48 CC යතුරු පැදි සඳහාද ලබාදීමට නියමිත බවද පැවසේ.
Saru News
















