මත්පෙති දී මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ තරුණයෙක් අත්අඩංගුවට

0
9

මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පෙති අධි මාත්‍රාවකික් ලබා දී පුද්ගලයන් මත්කර සිහිසුන් වූ පසු ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලකෑ පුද්ගලයෙකුව බොරලැස්ගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Tiktok සමාජ මාධ්‍ය ඔස්සේ මිත්‍ර වූ පෞද්ගලික බැංකු සහකාරවරයෙකුව පසුගිය 19 වනදා සැකකරු හමු වීමට ගොස් ඇත.

ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන පෙළෙ සාප්පු සංකීර්ණයක ඇති අවන්හලකදී මෙලෙස හමුවී ඇති අතර පසුව සැකකරු විසින් අදාළ පුද්ගලයාට රහසිගතව ඖෂධ පෙති පානය කිරීමට සලස්වා ඔහු සිහිසුන් වූ පසු බොරලැස්ගමුව ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් ඔහු පැලඳ සිටි රන් භාණ්ඩ සහ ඔහුගේ බැංකු කාඩ් පතෙන් 258,000 මුදලක් සොරකම් කර පළා ගොස් තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බැංකු සහකාරවරයා පොලීසියට පැමිණිලි කර ඇති ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 28 හැවිරිදි මෙම සැකකරුව පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී සැකකරු සතුව තිබී මුදල් අයකර ගන්නා යන්ත්‍රයක්, මත්පෙති 05 ක් සහ මුදල් නොට්ටු කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මේ ආකාරයටම තවත් පෞද්ගලි සමාගමක නිලධාරියෙකුව මත්කර ඔහුගේ රන් භාණ්ඩ සහ මුදල් මංකොල්ල කෑ ඇති බවය.

පොලීසිය පැවසුවේ ඒ ආකාරයට සැකකරු විසින් රුපියල් ලක්ෂ 20කට අධික මුදල් සහ රන් භාණ්ඩ මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් සොරකම් කර ඇති බවට.

මෙම සැකකරු විසින් සොරාගත් ඇතැම් රන් භාණ්ඩ මීගමුව ප්‍රදේශයේ සහ කොළඹ හෙට්ටි විථීයේ රන් භාණ්ඩ අළෙවි සැල්වලට විකුණා මුදල් ලබගෙන ඇති බව අනාවරණය වී තිබේ.

රන් භාණ්ඩ උකස් කර ලබාගත් මුදල් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ අමනාප වූ සමීප මිතුරෙකුව නැවත මිතුරු කර ගැනීම සඳහා වත්තල මෝදර ප්‍රදේශයේ සාමිවරයෙකුට එම මුදලින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දුන් බවය.

එමෙන්ම සැකකරු මෙලෙස මංකොල්ල කෑ මුදල් වලින් වැඩි කොටසක් වියදම් කර සැපවත් ජීවිතයක් ගත කර ඇති බවට අනාවරණය වී තිබේ.

 

සැකකරු මේ අයුරින් විවිධ පුද්ගලයන් සමග සමීප ඇසුරුක් පවත්වා මත්කර මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් මේ වනවිට අදාළ සාමිවරයාට ලබා දී ඇතැයි ද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරු හඳුනාගැනීමේ පෙරටුවක් සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here