2025. 04. 18 දින සිට 2025. 04. 27 දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැම්පත් කර ඇති ශ්‍රී දළදා වහන්සේ ලංකාවාසී බෞද්ධ ජනතාවට වන්දනා කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීමට, මහානායක හිමිවරුන්ගේ අනුශාසනා හා ආශිර්වාද අනුව වත්මන් රජය විසින් පියවර ගෙන තිබෙනවා.
එම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට සහය වෙමින් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයත්, ව්‍යාප්ත වීමත් වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සුරාබදු කොමසාරිස් ප්‍රකාශ කළා.
මේ සඳහා මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂිත සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ, උතුරු මැද හා වයඹ විශේෂ මෙහෙයුම් ඒකකයවල නිලධාරීන් ද යෙදවීමට සැලසුම් කර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අංක 1913 දරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ හදිසි කෙටි දුරකථන අංකයට ද, 071 4395603 සහ 071 8008029 යන අංක වෙත ද මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබා දෙන ලෙසයි.
Saru FM Media