මත්ද්‍රව්‍ය හා ආයුධ සමඟින් අත්අඩංගුවට ගත් පිරිසට රැඳවුම් නියෝග

0
2

දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සහ ආයුධ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් හා ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබූ තවත් ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන ඉකුත් 12 වනදා දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරුවන් අවුරුදු 22 ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය හා ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326ක් සන්තකයේ තබාගැනීම, ආනයනය හා ජාවාරම් කිරීම, පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී56 අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබල දීම යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

මෙලෙස හමුවූ කිලෝග්‍රෑම් 654ක පමණ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධික බව වාර්තා වේ.

 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here