මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාර වීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පවසයි.
අදාළ පිරිස් මෙලෙස භාර වීමට කැමැත්ත පළ කර ඇත්තේ ආණ්ඩුව විසින් සිදු කරගෙන යනු ලබන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදු කරගෙන යාමත් සමඟ බව නියෝජ්‍ය ඇමති පෙන්වා දෙයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මෙලෙස පැවසූවේ, විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.
1
Saru News










