කොළඹ LNW:විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව සඳහන්.
ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කලාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

The post මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට! appeared first on LNW Sinhala.
Saru News
















